Showing posts with label පිරමීඩ යනු කුමක්ද ?. Show all posts
Showing posts with label පිරමීඩ යනු කුමක්ද ?. Show all posts

පිරමීඩ යනු කුමක්ද ?

පිරමීඩ යනු ත‍්‍රිකෝණාකාර පැති 4 කින් යුතු ඉහළදී ශීර්ෂ එකතුවන පහළදී සමචතුරස‍්‍රාකාර පාදමකට සම්බන්ධ වන නිර්මාණයකි. ඊජිප්තුව සම්බන්ධව බලන කළ මෙවැනි පිරමීඩ ඉතා විශාල ඒවාය. ලෝකයේ ජීවත් වූ විවිධ ජනකොටස් විවිධාකාර පිරමීඩ තැනූ නමුදු වඩාත් ප‍්‍රසිද්ධියට පත්වූයේ ඊජිප්තු වැසියන් නිර්මාණය කළ විශාල  පිරමීඩය. ඔවුන් තැනූ පිරමීඩ ප‍්‍රමාණය 90 කටත් වඩා වැඩිය. ඒවා රජවරුන්ට හා රැජිණියන්ට සොහොන් ගර්භ ලෙස තැනූ ඒවාය. නමුත් ඔවුන් වන්දනාමාන පවත්වන ස්ථාන ලෙසද සමහර අවස්ථා වලදී පිරමීඩ යොදා ගැනුණි.

රටේ පාලකයා මිය ගිය පසු ඔහුගේ මෘත ශරීරය ඉතා පරෙස්සමින් පිළියෙල කොට රෙදි වලින් ඔතා එය මමියක් ලෙස සංරක්ෂණය කොට පිරමීඩ තුළ තැන්පත් කරන ලදී. පුරාණ ඊජිප්තු වැසියන්ගේ මතයට අනුව  මමියක් තැන්පත් කර ඇති පිරමීඩය මගින් මිය ගිය අධිරාජ්‍යයාට මරණින් මතු ජීවිතය සඳහා පහසුකම් සපයයි. එම නිසා එකල පූජකවරුන් විවිධ පූජාවන්  මගින් මිය ගිය පුද්ගලයාගේ ආත්මය ශරීරයෙන් ඉවත් වීම වළක්වා එය සමඟම රඳවා තැබීමට උත්සාහ ගත්හ. මුල් කාලයේදී ගල් කුට්ටි මගින් පිරමීඩ නිර්මාණය කළ ඔවුන් පසු කාලයේදී පස් වලින් තැනූ විශාල ගඩොල් යොදා ගත්හ.