Showing posts with label විශාලතම පිරමීඩය. Show all posts
Showing posts with label විශාලතම පිරමීඩය. Show all posts

විශාලතම පිරමීඩය

පිරමීඩ ලෝකයේ තවත් රටවල ඇතත් වඩාත්ම ප‍්‍රසිද්ධම සහ විශාලතම පිරමීඩ පිහිටා ඇත්තේ ඊජිප්තුවේ කයිරෝ නුවරට සැතපුම් 10 ක් පමණ බටහිරෙන් ඇති ගීසා තැනිතලාවේය. මෙහි ඇති පිරමීඩ අතුරින් ද වඩාත් විශාලම සහ ජ්‍යාමිතිකානුකූලව නිවැරදි හා අංගසම්පූර්ණව නිම කර ඇති පිරමීඩය වශයෙන් සැලකෙන්නේ චිඔප්ස් (Cheops) නැමැති පිරමීඩයයි. මෙම පිරමීඩයය අක්කර 13 ක වපසරයක පිහිටා ඇති අතර මෙහි උස අඩි 450 ක් පමණ වේ.

චිඔප්ස් (Cheops) පිරමීඩය නිමාවී ඇත්තේ ඔපමට්ටම් කරන ලද හුණු ගල් වලිනි. විවිධ ප‍්‍රමාණයන් ගෙන් ඇති මෙම පාෂාණ බරින් ටොන් 2 ත් 70 ත් අතර ඒවා විය. මෙවැනි ගල් 260000 කට වැඩි ප‍්‍රමාණයක් භාවිතා කොට මෙම පිරමීඩය නිර්මාණය කොට ඇත. මෙම පිරමීඩය නිර්මාණය කිරීමේදී සුවිශේෂි කරුණක් ලෙස පාෂාණ 2 ක් අතර පරතරය අඟලකින් 1/5 කටත් වඩා අඩු ලෙස නිර්මාණය කර තිබීම දැක්විය හැක. එකල ගෘහ නිර්මාණ ශිල්පය ඉහල මට්ටමක පැවතුණු බවට මෙම කරුණ ප‍්‍රභල සාක්ෂියක් ලෙස ඉදිරිපත් කළ හැක.