Showing posts with label පිරමීඩ සොයා ගැනීම. Show all posts
Showing posts with label පිරමීඩ සොයා ගැනීම. Show all posts

පිරමීඩ සොයා ගැනීම

පිරමීඩ ඓතිහාසික වටිනාකමකින් යුතු අපූර්ව වූ ඉදිකිරීමක් ලෙස ශතවර්ෂ ගණනාවක් ගෙවී ගියද එහි අන්තර්ගතය පිළිබඳ ප‍්‍රමාණවත් ගවේෂණයක් සිදු නොකෙරුණි. පසු කාලීනව විටින් විට ශතවර්ෂ ගණනක් තිස්සේ ගවේශණය නොවුනු මෙම පිරමීඩ විවෘත කිරීමට විවිධ පුද්ගලයන් ගත් උත්සාහයන් අසාර්ථක විය. අවසානයේදී අල් මමුම් (Al Mamum) නැමැති ගවේශකයෙකු පිරමීඩයේ එක් ස්ථානයක් තෝරාගෙන එම තැනෙහි ඇති පාෂාණයක් තාපදීප්ත වන තෙක් රත් කොට එයට එකවරම සිසිල් විනාකිරි වත් කිරීම තුළින් එය පුපුරවා හැර මහා පිරමීඩය තුලට ඇතුල් වී ඇත. ඉන්පසුව 16-17 ශතවර්ෂ වලදී මෙම මහා පිරමීඩය තුළට ඇතුල් වූ බොහොමයක් ගවේශකයන් එහි අභ්‍යන්තර පිහිටීම විස්තර කර ඇත. ලෝකයේ පොදු මතය බවට එතෙක් පත්ව තිබූ පිරමීඩ වනාහී රජවරුන්ගේ සොහොන් ගැබ් බවට වූ මතය බිඳ වැටුණි. මෙයට හේතුව වූයේ ගවේශකයන් සිදු කළ ගවේශණ වලදී පිරමීඩ තුළින් කිසිඳු මමියක් හමු නොවීමයි. (නමුත් පසු කාලීනව පිරමීඩ තුළින් මමි සොයා ගෙන ඇත.)

මෙම පිරමීඩය තුළ වූයේ කිසිඳු කැටයමක් හෝ කිසිඳු සංඛේතයක් නොමැති පෘෂ්ටයක් ඇති පියනක් හෝ නොමැති ගලින් නිමවුනු හිස් පෙට්ටියකි. මෙය ගවේශකයන්ට හමු වී ඇත්තේ රජතුමාගේ කාමරය  (King's Chamber) නමින් හඳුන්වන කොටස තුළදීය. මෙම පෙට්ටිය කොෆර් (Coffer) නමින් හඳුන්වනු ලැබේ. සුවිශේෂී දෑ ඇතැයි බලාපොරොත්තු ඇතිව පිරමීඩයට ඇතුළු වූ ගවේශකයන්ගේ කුතුහලය වැඩි වූයේ කිසිඳු වටිනාකමක් ඇති දෙයක් එතුල නොවූ හෙයින් ලෝකයේ ගවේශකයන් පිරමීඩ පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීමට වැඩි උනන්දුවක් දැක්වූහ.